White Collar Jobs
ගිනි කාෂ්ඨක අව්වේ,
ටයි පටියකුත් දමා ගෙන,
leather shoes ගෙවන තුරු,
ගෙයින් ගෙට යමින්,
“Excuse me, Madam” කියමින්,
අපේ කාලේ Executive පොරවල්,
කොසු ඉදල් විකුණති..
ගිනි කාෂ්ඨක අව්වේ,
ටයි පටියකුත් දමා ගෙන,
leather shoes ගෙවන තුරු,
ගෙයින් ගෙට යමින්,
“Excuse me, Madam” කියමින්,
අපේ කාලේ Executive පොරවල්,
කොසු ඉදල් විකුණති..
සිසිලස ආශ්වාදය
මොහොතයි රැදුනේ..
මෙලෝ රහක් නැතුවත්
කට රිදෙනකම් හැපුවා..
කාටත් නොපෙනෙන්න
dump කරන්න බැලුවේ..
ඒත් ඇයි මේ ආයෙත්..
මගේ කකුලෙම ඇලවෙන්නේ..
මේ තෙරපෙන තෙරපිල්ලට ,
මලේ පෙති ටික පොඩි වෙනවා නේද?
මේ තැම්බෙන තැම්බිල්ලට,
මලේ පාට දියවෙනව නේද?
ඒත් මොනා කරන්නද මිස්..
අපිත් දුවන්න ඕනා turn එකටනේ..
ඔය කන් දෙකේ earphones හිරකර ගන්නේ,
මගේ කරච්චලේ ඉවසන්න බැරි හන්දද?
මමත් කැමති නෑ
රුපියලට දෙකට හෙට්ටු කරන්න..
ඒත් මිස්ලට වගේ bonus නෑනේ අපිට..
ඔහොම රවන්න එපා මිස්,
ඔය කෝමල දඟකාර බැල්මට
අපේ හිතුත් හොරෙන්ම ඇදෙනවා..
බලාගෙන ඒත්…
ඔය ටයිකෝට් දාන නරුමයෝ
අපි වගේ මනුස්සකම අඳුරන්නේ නෑ..
ඔන්න ඊයේ මං පටන් ගත්තනේ මට කවදාවත් පාස් කර ගන්න බැරි වෙච්ච විභාගේ ගැන කියන්න. හැබැයි ඊයේ දුන්නේ කථාවට පොඩි teaser එකක් විතරයි. අද තමා ඉතින් හොදම ටික කියන්නේ..
ඇත්තටම නියම විභාගේ පටන් ගන්නේ ඔය Pizza කෑල්ලකුයි Coke එකකුයි අරන් දෙන්නත් එක්ක විභාග ශාලාවේ වාඩි වුනායින් පස්සේ. පලවෙනි පියවරවල් කොහොම හරි ගොඩ දැම්මත් ඕනා ජගතෙකුට හිර වෙන්න ගන්නේ පස්සේ පස්සේ තියන steps එකින් එක ගොඩ දාගන්න යද්දී…
පළවෙනියට නම් ලැබෙන්නේ බොහෝම සරල සැහැල්ලු ප්‍රශ්න..මේවාට හිත හිතා ඉන්න දෙයක් නෑ හැම එකටම කෙලින්ම “ඔව්” කියලා කියන්න තියෙන්නේ.. “අද හරි ලස්සන දවසක් නේ?”, “අපි දෙන්නා මෙහෙම ආවම හරිම නිදහස් නේ..”, “ඔයා නැතිකොට මට පාළුයි? ඔයාටත් එහෙමද?” “ඔයා මට ආදරේද?”, ”හැමදාමත් අපි මේ විදියට ආදරෙන් ඉම්මු..” මේවා තමා පළවෙනි වටයේ ප්‍රශ්න..අපෝ වැඩේ ලේසි නේ…
මෙහෙම බොහෝම ආදරෙන් සාමයෙන් වැඩේ යන අතරදී කොහෙන්දෝ පාත් වෙච්ච පිස්සු හෝන්තුවක් කොට්ට උරේකුත් ඇද ගෙන catwalk එකකින්, වෙන යන්න තැන් නැතුව වගේ අපේ table එක පහු කරන්නේ..ඒ වෙලාවට “මොකක්ද යකෝ මේ සමයම?” කියලා බලන්න ඔන මිනිහෙක්ගේ ඇස් ඒ දිහාවට හැරවෙනවනේ..නැත්ද? ඔන්න ඉතින් ඒ සමගම පටන් ගන්නවා දෙවනි ප්‍රශ්න වටය. “මං හිතුවේ නෑ ඔයා ඔය වගේ කෙනෙක් කියලා.” “මං ළඟ ඉද්දි ඔහොම බලනවා නම් මං නැතිකොට කොහොම බලනවා ඇද්ද?” “මට ඔයාව අප්පිරියයි…මං යනවා යන්න.” මේ ප්‍රශ්න වටේදී උත්තරයක් දෙන්නවත් වෙලාවක් ලැබෙන්නේ නෑ කෙලින්ම අසමත් කරලා දානවා මිසක..
කොහොම වෙතත් එහෙම වුනා කියලා මමත් වැඩේ අත හැරියේ නෑ. කොහොම හරි දවස ගානේ practice කරලා කරලා එක ඉරියව්වෙන් එක එල්ලේ බලා ඉන්න පුළුවන් ගානට concentration එක හදා ගත්තා. දැන් නම් අනර්කලී ආකර්ෂා නෙමේ Megan Fox ළඟින් ගියත් මගේ නෙමෙයි බෙල්ල හැරවෙන්නේ.
හැබැයි ඉතින් අපේ උනන්දුව උත්සහය විතරක් තිබිලා මදී මේ exam එක ගොඩ දාගන්න. අපිට නොපෙනෙන බලවේග වල උදව්වත් ඕනා. ඇයි එහෙම කියන්නේ? ජීවිතේට දැකලා නැති නෑයොත් පාත් වෙන්නේ ඒ වෙලාවට නේ.. “හලෝ..ඔයාව දැක්ක කල්? අපිටත් නොකියාම එකක් set කර ගත්තා නේ?? මරු මරු” කොහොම හරි උන්ට කතාවක් දාලා ගැලවුනා කියමු. මෙන්න පටන් ගන්නවා අළුත් ප්‍රශ්න වටය “කවුද ඒ??” “බප්පාගේ දුව” “බොරු කියන්න එපා. බාප්පගේ දුවට මොනාද ඔච්චර ඔයත් එක්ක කතා කරන්න තියෙන්නේ??” “කාලෙකින්නේ හම්බුනේ” “මට පේනවා ඒ කාලේ බොහොම ළගින් ඉදලා තියනවා කියලා.” “පිස්සුද ඔයාට?” “බොරු කියන්න එපා. මං දැකලා තියෙනවා ඒකි තමුසෙගේ facebook එකෙත් ඉන්නවා..” “හ්ම්..” “ඔව් ඉතින් මට වඩා ඒකි සුදුයිනේ… තමුසෙට ඒකි දැක්කම මං ඉන්නවද කියලත් අමතක වුනා.”
මේසේ තවත් අසාර්ථක exam round එකක් අවසන් වුණි.
කොහොම වෙතත් ඉතාමත් කලාතුරකින් අද නම් වාසනාව අපේ පැත්තේ යයි පෙනෙන්නට තියන දවස් ද උදා වේ. ඔන්න එදා නම් බොහොම ආදරෙන් දෙන්නා කිචි බිචි ගගා කෑවා බාහිර බලපෑම් මුකුත් නැතුව. අනේ examiner කිව්වනේ “හැමදාම ඔයානේ කෑම ගන්නේ ඒ හන්දා අද මං ගානේ dessert එක අරන් එන්නම්”.. අම්මට සිරි අද මොකක්ද මේ වේලා තියන වෙනස.. ඒ ගැන කල්පනා කර කර පොඩ්ඩක් ආතල් එකේ විසිල් එකකුත් ගගහා හිටියා විතරයි.. මෙන්න එක පාරට කඩා පැනපු examiner, ”මං අතන්ට යනකම් ඉදලා තමුසේ එහා පැත්තේ වාඩි වෙලා ඉන්න කෙල්ල දිහා බැලුවා නේද? බොරු කියන්න ලෑස්ති වෙන්න එපා මං ඔක්කොම බලන් හිටියේ..” “හුටා!”
ඔන්න ඔය විදියට කවදාවත් මට ඒ exam එක නම් ගොඩ දාගන්න බැරි වුනා. මේ exam එක පාරක් වත් fail නොවී සාර්ථකව ගොඩ දාපු කවුරු හරි පොරක් ඉන්නවා නම්, උඹේ photo එකත් එක්ක comment එකක් දාපන් උදේ හවා මල් තියලා වදින්න..
මේක කියවපු අපේ නංගීලාට කියන්න තියෙන්නේ සාන්තුවරයෙක් කියලා ඔයාගේ එක්කෙනා ගැන හිතන් ඉන්න අදහස වෙනස් කර ගන්න ඕන්නම් එයාවත් MC Food Court පරීක්ෂාවට නොපමාව භාජනය කරන්න :)
ජීවිතේ අමාරුම විභාගේ මොකක්ද කියලා ඇහුවොත් සමහරු කියයි 5 වසර ශිෂ්‍යත්වය කියලා, නැත්තම් OL හරි AL කියයි, එහෙමත් නැත්තම් first year first semester exam එක කියයි. මේ හැම එකක්ම අවුලක් නැතුව එක පාර ගොඩ දාගන්න පුළුවන් වුනත් මට කවදාවත් ගොඩ දාගන්න බැරි වුන එක exam එකක් තියනවා. මුලින්ම ඒක මාස 6කට විතර සැරයක් පැවැත්වුවත්, පස්සේ පස්සේ එක මාසෙකට සැරයක්, සතියකට සැරය්ක් අන්තිමට දිනපතාම පවත්වන්නත් පටන් ගත්තා. ඒ කොච්චර සැරයක් ඒ විභාගෙට වාඩි වුනත් එකම එක පාරක් වත් ඒක නම් මට ගොඩ දාගන්න බැරි වුනා.
මොකක්ද මේ exam එක? මේකට කියන්නේ MC Food Court පරීක්ෂාව කියලයි. එහෙම කිවුවට තම තමන්ගේ වත් පොහොසත් කම් අනුව මේ විභාගෙට McDonalds එකේ, Excel World එකේ, Pizza Hut එකේ, Crescat එකේ වගේ එකී මෙකී නොකි ඕනෑම විභාග මධ්‍යස්ථානයකදී වාඩි වෙන්න පුලුවන්. හැබැයි මේ කොයි තැන වාඩි වුනත් මට නම් හැම දාම ලැබිච්ච ප්‍රතිපලේ නම් එකයි.
මේ එක එකසිය ගානට ඇණ ගත්ත පොරක් හැටියට, මේ විභාගෙට ඉස්සරහට මූන දෙන්න ඉන්න, මේ වෙනකොටත් pass වෙන්න full try කරන කට්ටියගේ ප්‍රයෝජනය සඳහා මං පොඩි experiences ටිකක් share කරගන්නම්. ඒ උඹලටවත් මං කරපු careless mistakes නොකර exam එක ගොඩ දාගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්.
Exam එකට notice එක කෙලින්ම හෝ ව්‍යංග්යෙන් ලැබෙන්න පුළුවන්. “අපි මේ පාර ඔයාගේ birthday එකට කොහේ හරි ගිහින් celebrate කරමු?”. එහෙමත් නැත්තම් “හැම දාම මෙහෙම උදේ යනවා, හවස එනවා මාර boring අනේ..” වගේ notices අදුරගන්න sense එක තියෙන්න ඕනා මුලින්ම. “එහෙනම් අපි හෙට දවල්ට වෙනසකටත් එක්ක MC Food Court එකෙන් lunch ගමු. හවස film එකත් බලලා එමු.”
වෙන exam වලට වගේම මේ exam එකටද අවශ්‍ය කළමනා කල් තියා සුදානම් කර ගත යුතුය. සල්ලි තියෙන purse එක හෝ credit card එක අමතක වුනොත් වන්නේ විභාග ශලාවටවත් ඇතුළු නොවී fail වීමටය. එසේම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තැබීමද නුවණට හුරුය. කවුරුන් හෝ බහිරවයෙක් ගෙන් call එකක් ඇවිත් exam mood එක මස්තබාල්දු වී යෑමට ද ඉඩ ඇත.
නියමිත වේලාවට කලින් විභාග ශාලාව ලඟට යෑම අනිවාර්යය. හදිස්සියේ වත් ටික වේලාවකට හෝ examiner ව රස්තියාදු කලහොත් F එක ෂුවර් ය.
පළමු වතාවට exam එක කරන විට ඇතිවන චකිතය හන්දාම first exam එක fail වීමට ඉඩ ඇත. විභාග මඪ්‍යස්ථානය ඔබට කෙතරම් හුරුපුරුදු තැනක් වුනත්, අත් පටලවා ගෙන සෙනඟ ගොඩට ඇතුළු වීමේදි සෑහෙන tension එකක් ඇති වනු ඇත. “මොකද කට්ටිය දැක්කම මගේ අත අත ඇරියේ?? ලැජ්ජද මාත් එක්ක යන්න?”. “හිතලා අත ඇරියේ නෑ බබෝ දාඩියට අත ලිස්සන්න ඇති.” “ඕනා නෑ මගේ අත අල්ලන්න. මගේ මූඩ් එකත් ගියා. දැන් කන්න ඕනා නෑ අපි යමු.”
Club match වල කොච්ච century ගැහුවත් international match එකක් දීපු ගමන් බිංදුවට දැවී ගිය මාවන් අතපත්තු සේ මටද වුනේ හිස් අතින් ආපහු ඒමට ය.
මේ ආරම්භය විතරයි. මීට වඩා scene වෙන්න ගන්නවා පස්සේ පස්සේ..ඔක්කොම experiences ටික එක post එකකින් දාන්න ගියොත් දිග වැඩි වෙන හන්දා අනිත් ටික තව post එකකින් පස්සේ දාන්නම්.
එහෙනම් අදට මතු සම්බන්ධයි.
Abnormal Minds ගේ සිරා පොස්ට් එක කියවද්දි මට මතක් වෙච්ච කතාවක්. Comment එකක් විදියට දාන්න ගිහින් ආයේ දිග වැඩි හන්දා මෙතන පෝස්ට් කරන්න හිතුවා.
මාස 2ක 3කට කලින් අපේ නෑදැ වෙන පොරක් කසාද බැන්දා.. පොර ටිකක් කලක් වේලි වේලි ඉදලා, ඔය අන්තිමට තමා proposal එකකින් එකක් යන්තම් set කරගත්තේ. හැබැයි මිනිහගේ bride නම් පිස්සු කොර..හරියට ඉටි රූපේ වගේ. Perfect tan color එකක් හමේ තියෙන්නේ, මුනේ features යි, figure එක ගැන කියන්න කතා නෑ.. මිනිහා ඉදලා ඉදලා මාර කෙනෙක් හොයන් තියෙන්නේ. මූ නම් හැබෑම වාසනාවන්තයේක් කියලයි අපි එදා කියෙවුවේ..
ඊට පස්සේ මේ ළඟදි දවසක් මේ අළුත් ජෝඩුවගේ ගෙදර දවල් කෑමකට අපට ආරාධනා කරලා තිබ්බා. අපිව ගෙදරට පිළිගත්තේ නහය මුක්කන් වෙච්ච, වපර, out of shape වෙච්ච තලත්තෑනි ගෑනු පරාණයක්. අපේ පොරත් ඉන්නවා ගෙදර හිනා වෙවී. ඒත් මිනිහගේ ලස්සන wife පේන්න නෑ. මට දැන් මාර මොල් මේ scene එකට..
මේ අළුත බැදපු ජෝඩුවක් විතරක් ඉන්න ගෙදරකට මොකටද servant කෙනෙක්?? නැත්තම් වෙන නැදැයෙක් වත් ද? ඒත් මුන්ට එච්චර පිස්සුන්ද තව කාවත් ගෙයි දාගන්න මේ නිදහසේ ඉන්න ඕනා කාලේ..
මේ සිද්ධිය ගලප ගන්න බැරිම තැන මං මිනිහගෙන් කෙලින්ම ඇහුවා “අයියේ, මොකෝ අක්කා පෙන්න නැත්තේ කඩේට වත් ගිහිල්ලද කියලා?”. මේක ඇහුවා විතරයි අපේ මිනිහයි අර ගෑණියි දෙන්නම තක්බීර් වෙලා. “ඇයි මල්ලි අදුරන්න බැරිද මේ ඉන්නේ අක්කනේ..” කියලා අර ගෑණිව පෙන්නවා..
Wedding එක දවසේ දැකපු කෙනයි මෙයයි නිකම් අහසට පොළොව වගේ.. මේ එයාමයි කියලා විශ්වාස කර ගන්නත් අමාරුයි. ඊටත් මාර embarrassing මට මං අහපු කතාවට. ඒත් මේ ගැන තවදුරටත් වද වෙන එකේ තේරුමක් නැති හින්දා මමත් ඉතින් බොහොම අමාරුවෙන් මුකුත් වුනේ නෑ වගේ ඉන්න try කළා..
දවල් drink එකක් දාන අතරේ අපේ පොර මට කිට්ටු වෙලා කියනවා. “ගනං ගන්න එපා මල්ලී..උඹට කියන්න honeymoon ගියාම මාත් හොල්මන් වුනා මෙයාවමද මං දවල් marry කලේ කියලා..”
ඉස්සර කාලේ නම් කිවුවේ නංගී පෙන්නලා අක්කා දෙනවා කියලා.. අද නම් කියන්න වෙන්නේ නංගි කරලා Aunty දෙනවා වගේ එකක් තමා.
කියනවා වගේ Makeup Artist ලගේ හැකියාව තමයි ඉතින් :)
මේ ටිකේ උහුලන්න බැරි රස්නේ ගැන, උදේ හවා අපි කරන අඳෝනා ඇහිලා වැස්ස වළාහක දෙයියො SMS එකකින් reply එකක් එවා තිබුණි.
වත්තේ වැවෙන අඹ පැළයට චු දමා,
Barn Buddy යට alarm තියා පොහොර දමන,
තොපිට තවදුරටත් වැස්ස ඕනා නෑ
කියලයි මම හිතුවේ ;)
එක්තරා ඉංග්‍රීසි FM එකක් ප්‍රචාරය කරන පරිදි ලබන අප්‍රේල් 24 වෙනිදා ලංකාවට Akon එනවලු.
මේක අහලා අපේ සමහර පොරවල් වලට මාර චුන් ය. උන් එලකිරි එකේ, Facebook එකේ දාන comments වලට අනුව උන්ට එදා වෙනකම් නින්ද යන්නේ නැතිලු. සමහරු දැම්ම ඉදන්ම නොකා නොබී ගන්න සල්ලි එකතු කරනවලු. හැබැයි Akon ගේ නිල වෙබ් අඩවියේ නම් තවම එහෙම concert එකක් ගැන සදහනක් නෑ. මේකත් තවත් මගඩි නාටකයක් විතරද දන්නෙත් නෑ.
ඒත් පහු ගිය කාලේ ෂැගී, Venga Boys, ෂාරුක් ඛාන් concert යි, මෑතකම තිබ්බ Hikka Fest එකෙනුයි පස්සේ අපේ සමහරු කෑගහපු, පෙළපාලි ගිය, උද්ඝෝෂණ කරපු විදියට, මේ වගේ බාබාලන්තේකට Akon වගේ එකෙක් ව දිරව ගන්න පුළුවන් වේවිද කියන එකන නම් ලොකු ප්‍රශ්නයක්.
තාමත් Akon කියන්නේ කවුද, මිනිහ represent කරන්නේ මොන වගේ sub-culture එකක් ද, කියලා දන්නේ නැත්තම් හරි මතක නැත්තම් හරි කට්ටිය 2007 ට්‍රිනිඩැඩ් වල වෙච්ච මේ සිද්ධිය බලන්න (NSFW - ඒත් මෙතන මේක නොදා මේ කතාව තේරුම් කරන්න අමාරුයි.)
තිස්පන්දාහක් සහභාගී වෙච්ච reality show එකක 5වෙනියා වෙච්ච එකාටත් පිස්සු වැටිලා Autograph තියන්න තමන්ගේ ළැම දීපු කෙල්ලෝ ඉන්න රටක, Billboard Charts වල No.1 ඉන්න එකා ඉස්සරහ Once In a Lifetime opportunity එකක් සඳහා මේ වගේ දේකට වුනත් අපේ මොකෙක් හරි පිස්සියෙක් ඉදිරිපත් වුනොත් පුදුමයක් නෙවේ..අනික Ecstasy ගහලා ඔය වගේ concert බහින ගොඩක් උන්ට ඔය වෙලාවට තමන් ඉන්නේ කොහෙද මොනවද කරන්නේ කියලා සිහියක් නෑනේ.
කොහොම වුනත් Konvicted කියලා ලේබල් ගහන්ම එන Akon වගේ උන්ට නම් තමන්ව market කරගැනීමට controversy එකක් වෙනවා නම් ලොකු ආශිර්වාදයක්. ඒ විතරක් නෙමේ ජන්දෙන් පස්සේ හන්දා වේලි වේලි ඉන්න අපේ media පොරවල් වලට, දේශප්‍රේමීන්ට, සංස්කෘතික ඇමතිට, විපක්ෂයට Akon හොද ඉල්ලමක් වේවි. ඒත් අන්තිමට ඒ හැමෝම කට ගැස්මට අරන් නන්ත්තාර කරලා දාන්නේ අපේ පරම්පරාවයි.
රකින්න කියා මහ ලොකු සංස්කෘතියක් ඉතුරු වෙලා නැති, ඕනම දහ ජාරාවක් විකුණන්න පුළුවන් නිදහස් ආර්ථිකයක් තියෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වගේ ගොඩක් දේවල් වෙනස් කරන්න අමාරුයි. ඒත් මොනා හරි දෙයක් වුනායින් පස්සේ බොරුවට කෑගහලා ලොකෙටම joke එකක් වෙනවට වඩා ඒ දේවල් වෙන්න කලින් ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක තමා වඩා හොද..
මම: Hi මචන්
ඌ: Hi
මම: කොහොමද busy ද?
ඌ: පිස්සු හැදෙනවා බං. මේ දවස් වල semester exam.
6න් 2ක් ගොඩ තව 4ක් තියනවා.
First Class එක කොහමහරි දාගන්න try එක දෙන්නේ..
මම: එළ
ඌ: Top CIMA එක නම් ගිය මාසේ දාගත්තා.
මම: Congratz මචන්. නියමයි.
ඌ: දැන් IPM එකේ HR diploma එකක් පටන් ගත්තා.
Degree එකයි CIMAයි විතරක් තිබිලා මදිනේ අද හොද Job එකක් ගන්න.
ගිය සතියේ මට *** එකෙන් interview call කරලා තිබ්බා.
Degree එක complete කලාම 45ක් දෙන්නම් ලු..
මං කිව්වා basic එක 50වත් නැත්තම් වැඩක් නෑ කියලා.
මම: හ්ම්..
ඌ: ආ..ගිය මාසේ අපි Singapore tour එකක් ගියා. Shopping පාරකුත් දැම්මා.
iPhone එකකුත් ගත්තා. Sexy gadget එකනේ බං??
මම: අහ්..එළ!
ඌ: CIMA ගොඩ දැම්මට ගෙදරින් මට Swift එකක් present කලානේ..
මම: අම්මට හුඩු මරුනේ..
ඌ: වැඩක් නෑ බං..මගේ target එක කොහොම හරි Jaguar එකක් වත් drive කරන්න :)
මම: :)
මම: මචං..
ඌ: මචෝ මේ දවස් වල මමත් full rim එකෙන් බං යන්නේ ;)
මම: නෑ බං මං මේ කියන්න ගියේ…
ඌ: දන්න Vacancies නම් මුකුත් නෑ බං. උඹ කොකටත් උඹේ CV එක මට mail කරපන්කෝ..
මම: ..
ඌ: මචං මං දැන් dinner ගන්න out යනවා.
මම: ok.
ඌ: KIT!
මම: bye!
ඌ: bye!
(මට උඹෙන් කෙහෙල්මල් loans වත්, jobs වත් ඕනා නෑ. ඒත් අඩුම ගානේ “උඹට කොහොමද” කියලා අනිත් පැත්තට අහන්න බැරි අපේ යාළු කමේ ඇති වැඩේ මොකක්ද?)
හෑමෝම පුංචි කාලේ රස කතා කියන නිසා මටත් හිතුනා පොඩි කාලේ වෙච්ච සිද්ධියක් කියන්න. බ්ලෝග් කරන rate එක වැඩිද මන්ද, ඒත් මොකක් හරි මතක් වුනාම ලියලා දාන්නමයි හිතෙන්නේ :) ලියන්න පුළුවන් කාලේ උපරිම ලියමුකෝ නේ??
මේ කතාව වෙනකොට මට අවුරුදු 10ක් විතර ඇති. පොඩි කිව්වට පොඩිත් නෑ ඇට්ටර වයසනේ ;) අපේ ගෙවල් ගාව ගේකට කුලියට පවුලක් ආවා. පවුලක් කිව්වට අම්මයි, පුතයි, දුවයි විතරයි. තාත්තා රට කියලා තමයි ආරංචි වුනේ. පුතා මෙගේ වයසේ.
ඉතින් වැඩි දවසක් නොගිහින් මිනිහයි, මායි හොදට fit වුනා. ඉතින් සෙල්ලම් කරන ගමන් ගෙවල් වල විස්තර ගැනත් chat එකක් දානව දෙන්න.
“මචං, තාත්ති ළඟදී ලංකාවට එන්නේ නැද්ද?”
“නෑ මචං..අම්මා කියන්නේ තාත්තාට නිවාඩු ගන්න අමාරුයි ලු. කොටින්ම අවුරුදු 16කින් එයා ලංකාවට ඇවිත් නෑ.”
“මචං උඹට sure ද?
මං එහෙම ඇහුව්වේ මේ එක ඇහුවම මගේ ටිකිරි මොළේත් කචල් වෙච්ච හන්ද..
“ඔව් බං. මං ඉතින් කවදාවත් තාත්තාව දැකලාවත් නෑනේ. එයා ලොකු job එකක් එහේ කරන්නේ.”
මට නම් මෙතන මොකක්දෝ ලොකු අවුලක් තියනවා කියලා තේරුණා…ඒත් කියා ගන්න තේරෙන්නේ නෑ.
“එතකොට උඹේ දැන් වයස කීය ද?”
“මාත් උඹේ වයසේනේ”.
“උඹේ බොරු. උඹ මට වඩා වැඩිමල් ඇති.”
“වෙන්න බෑනේ. මමත් 5හේ පංතියේනේ..”
තවත් මේක කතා කොලොත් අපි දෙන්නටම පිස්සු හැදිලා ආයෙත් හැදෙන හන්දා..
“අපි අයිස් පැකට් එකක් බොන්ඩ යමු ද අහලා” මං ම track එක මාරු කලා.