March 2010
17 posts
White Collar Jobs
ගිනි කාෂ්ඨක අව්වේ, ටයි පටියකුත් දමා ගෙන, leather shoes ගෙවන තුරු, ගෙයින් ගෙට යමින්, “Excuse me, Madam” කියමින්, අපේ කාලේ Executive පොරවල්,
කොසු ඉදල් විකුණති..
Chewing Gum
සිසිලස ආශ්වාදය මොහොතයි රැදුනේ.. මෙලෝ රහක් නැතුවත් කට රිදෙනකම් හැපුවා.. කාටත් නොපෙනෙන්න dump කරන්න බැලුවේ.. ඒත් ඇයි මේ ආයෙත්.. මගේ කකුලෙම ඇලවෙන්නේ..
මිස්, අපිත් මිනිස්සු...
මේ තෙරපෙන තෙරපිල්ලට , මලේ පෙති ටික පොඩි වෙනවා නේද? මේ තැම්බෙන තැම්බිල්ලට, මලේ පාට දියවෙනව නේද? ඒත් මොනා කරන්නද මිස්.. අපිත් දුවන්න ඕනා turn එකටනේ..
ඔය කන් දෙකේ earphones හිරකර ගන්නේ, මගේ කරච්චලේ ඉවසන්න බැරි හන්දද? මමත් කැමති නෑ රුපියලට දෙකට හෙට්ටු කරන්න.. ඒත් මිස්ලට වගේ bonus නෑනේ අපිට..
ඔහොම රවන්න එපා මිස්, ඔය කෝමල දඟකාර බැල්මට අපේ හිතුත් හොරෙන්ම ඇදෙනවා.. බලාගෙන ඒත්… ඔය ටයිකෝට් දාන...
MC Food Court පරීක්ෂාව - II කොටස
ඔන්න ඊයේ මං පටන් ගත්තනේ මට කවදාවත් පාස් කර ගන්න බැරි වෙච්ච විභාගේ ගැන කියන්න. හැබැයි ඊයේ දුන්නේ කථාවට පොඩි teaser එකක් විතරයි. අද තමා ඉතින් හොදම ටික කියන්නේ..
ඇත්තටම නියම විභාගේ පටන් ගන්නේ ඔය Pizza කෑල්ලකුයි Coke එකකුයි අරන් දෙන්නත් එක්ක විභාග ශාලාවේ වාඩි වුනායින් පස්සේ. පලවෙනි පියවරවල් කොහොම හරි ගොඩ දැම්මත් ඕනා ජගතෙකුට හිර වෙන්න ගන්නේ පස්සේ පස්සේ තියන steps එකින් එක ගොඩ දාගන්න යද්දී…
...
MC Food Court පරීක්ෂාව
ජීවිතේ අමාරුම විභාගේ මොකක්ද කියලා ඇහුවොත් සමහරු කියයි 5 වසර ශිෂ්‍යත්වය කියලා, නැත්තම් OL හරි AL කියයි, එහෙමත් නැත්තම් first year first semester exam එක කියයි. මේ හැම එකක්ම අවුලක් නැතුව එක පාර ගොඩ දාගන්න පුළුවන් වුනත් මට කවදාවත් ගොඩ දාගන්න බැරි වුන එක exam එකක් තියනවා. මුලින්ම ඒක මාස 6කට විතර සැරයක් පැවැත්වුවත්, පස්සේ පස්සේ එක මාසෙකට සැරයක්, සතියකට සැරය්ක් අන්තිමට දිනපතාම පවත්වන්නත් පටන් ගත්තා. ඒ...
නංගි කරලා Aunty දීම
Abnormal Minds ගේ සිරා පොස්ට් එක කියවද්දි මට මතක් වෙච්ච කතාවක්. Comment එකක් විදියට දාන්න ගිහින් ආයේ දිග වැඩි හන්දා මෙතන පෝස්ට් කරන්න හිතුවා.
මාස 2ක 3කට කලින් අපේ නෑදැ වෙන පොරක් කසාද බැන්දා.. පොර ටිකක් කලක් වේලි වේලි ඉදලා, ඔය අන්තිමට තමා proposal එකකින් එකක් යන්තම් set කරගත්තේ. හැබැයි මිනිහගේ bride නම් පිස්සු කොර..හරියට ඉටි රූපේ වගේ. Perfect tan color එකක් හමේ තියෙන්නේ, මුනේ features යි, figure...
වැස්ස වළාහක දෙයියන්ගේ reply එක
මේ ටිකේ උහුලන්න බැරි රස්නේ ගැන, උදේ හවා අපි කරන අඳෝනා ඇහිලා වැස්ස වළාහක දෙයියො SMS එකකින් reply එකක් එවා තිබුණි.
වත්තේ වැවෙන අඹ පැළයට චු දමා, Barn Buddy යට alarm තියා පොහොර දමන, තොපිට තවදුරටත් වැස්ස ඕනා නෑ කියලයි මම හිතුවේ ;)
ඒකොන්(Akon) හන්දා අපි කොන් වෙයිද?
එක්තරා ඉංග්‍රීසි FM එකක් ප්‍රචාරය කරන පරිදි ලබන අප්‍රේල් 24 වෙනිදා ලංකාවට Akon එනවලු.
මේක අහලා අපේ සමහර පොරවල් වලට මාර චුන් ය. උන් එලකිරි එකේ, Facebook එකේ දාන comments වලට අනුව උන්ට එදා වෙනකම් නින්ද යන්නේ නැතිලු. සමහරු දැම්ම ඉදන්ම නොකා නොබී ගන්න සල්ලි එකතු කරනවලු. හැබැයි Akon ගේ නිල වෙබ් අඩවියේ නම් තවම එහෙම concert එකක් ගැන සදහනක් නෑ. මේකත් තවත් මගඩි නාටකයක් විතරද දන්නෙත් නෑ.
ඒත් පහු ගිය කාලේ...
මගේ chat log එකෙන්...
මම: Hi මචන්
ඌ: Hi
මම: කොහොමද busy ද?
ඌ: පිස්සු හැදෙනවා බං. මේ දවස් වල semester exam. 6න් 2ක් ගොඩ තව 4ක් තියනවා. First Class එක කොහමහරි දාගන්න try එක දෙන්නේ..
මම: එළ
ඌ: Top CIMA එක නම් ගිය මාසේ දාගත්තා.
මම: Congratz මචන්. නියමයි.
ඌ: දැන් IPM එකේ HR diploma එකක් පටන් ගත්තා. Degree එකයි CIMAයි විතරක් තිබිලා මදිනේ අද හොද Job එකක් ගන්න. ගිය සතියේ මට *** එකෙන් interview call කරලා තිබ්බා. Degree...
පුංචි කාලේ (නි) රස කතාවක්
හෑමෝම පුංචි කාලේ රස කතා කියන නිසා මටත් හිතුනා පොඩි කාලේ වෙච්ච සිද්ධියක් කියන්න. බ්ලෝග් කරන rate එක වැඩිද මන්ද, ඒත් මොකක් හරි මතක් වුනාම ලියලා දාන්නමයි හිතෙන්නේ :) ලියන්න පුළුවන් කාලේ උපරිම ලියමුකෝ නේ??
මේ කතාව වෙනකොට මට අවුරුදු 10ක් විතර ඇති. පොඩි කිව්වට පොඩිත් නෑ ඇට්ටර වයසනේ ;) අපේ ගෙවල් ගාව ගේකට කුලියට පවුලක් ආවා. පවුලක් කිව්වට අම්මයි, පුතයි, දුවයි විතරයි. තාත්තා රට කියලා තමයි ආරංචි වුනේ. පුතා...
FM ගිරවි
“හායි රෝෂි, උඹ දැන්ද එන්නේ..මම බයේ හිටියේ උඹ හදිස්සියේ වත් නාවනම් night-time ෂෝ එකත් අදින්න වෙන්නේ මට..”
“අපි එහෙම පොළු තියන්නේ නෑ හරිද? Duty First. නෑ කිචා අයියා..අද අර English Division එකේ Melodyගේ Birthday Party එකනේ..Dinner ගන්නේවත් නැතුව මේ එන්නේ”
“අහ්..dinner නොගත්තට වෙන වෙන ඒවා නම් අරං කියලා පේනවා.උඹත් දැන් හරි දියුණුයි නේ…එල එල අපිත් එහෙනම් දැන් ඒ...
මෙය මුදල් ගෙවීමට බැරි නිසා ප්‍රචාරය කරන ලද්දකි.
අනේ Dialog මට credit දීපන්, රෑ දොළහට wish නොකොළොත් ඒකි දවසම අඬයි..
අනේ Stone & String මට ring එකක් දීපන්, දිනිති ගේ Boy නම් දුන්නේ Diamond එකක් කියයි..
අනේ KFC මට කෑමක් දීපන්, නැත්නම් මං surprise කලේ නෑ කියලා කියයි..
අනේ ODEL මට ඩෙනිමක් දීපන්, නැත්නම් යාළුවෝ ඌ posh නෑ කියලා bite කරයි..
Harcros උඹවත් මට වහ ටිකක් දියන්, please… එටකොටවත් එයා මං ගැනත් හිතයිනේ…
සැ.යු: පළිබෝධ නාශක...
මට බෑ ඔය ඩොටේ යන්න...
ඒකාලේ ළමයින්ට නම් ගමේ යනවා කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනේ. වෙල් දිගේ දුවන්න, පීල්ලේන් නාන්න, ගහෙන් කඩන් පළතුරු කන්න, කුරුල්ලො බලන්න වගේ එකි මෙකී නොකී දාහක් දෙවල් තියනවා නේ ගමේ ගියොත් කරන්න. ඇත්තටම අම්මලට තාත්තලාට තමයි කරදරේ ගමට ගෙනියන කම්..
ඒ වුනාට අද කාලේ ගමේ යමු කිවුවොත් නම් ලැබෙනේ මේ වගේ උත්තරයක් “මට බෑ අප්පා ඔය ඩොටේ යන්න, mobile signal වත් නෑ එහෙට. හරි ගොඩේ”. “අනික අපිට ඔය...
සමාවෙන්න අම්මේ...
කෑවාද ඇහුවත් මල පනී.. නිදියන්නේ නැද්ද ඇහුවත් මල පනී.. පාඩම් කරනවාද ඇහුවත් මල පනී.. විභාගේ ලේසිද ඇහුවත් මල පනී..
බෝඩිම කොහොමද ඇහුවත් මල පනී… ගෙදර නො එන්නේ මොකද ඇහුවත් මල පනී… රස්සාවක් හොයා ගන්නේ නැද්ද ඇහුවත් මල පනී.. කසාදයක් කරගන්නේ නැද්ද ඇහුවත් මල පනී.. පොඩි එකාට දැන් කොහොමද ඇහුවත් මල පනී.. ඇයි කෝල් එකක් වත් නොදුන්නේ? සමාවෙන්න අම්මේ, වැරැද්ද මේ ජීවිතේ….
Digital තනිකම
කන්කරචලයක් වු තරමට Missed Calls ය, හැම තත්පරයෙම SMS ය, Inbox එක උතුරන්න Forward ය, එකසිය ගානට Friend Request ය,
ඒත්, ඉවස ගන්න බැරි තරමට තනිකම ය.
වමත් චිත්‍ර
මේ දවස් වල යන left brain/ right brain කතා අහද්දි මට මේ සිද්ධිය මතක් වුනේ. මේක වුනේ අපි OL වලින් පස්සේ සහාගී වුනු Personality Development program එකක දී. දන්නවනේ ඔය සිංහලෙන් පෞර්ෂ්‍ය් සංවර්ධන වැඩමුලු කියලා රට හැම තැනම දැන් තියන්නේ. ඕවත් ඉතින් අපේ පරම්පරාවත් එක්කනේ අපේ රටේ ප්‍රසිද්ධ් වුනේ. ඒ යුගයේ අවශ්‍ය්තාවට ද සමහර අයගේ මඩි තර කර ගන්න ද කියන එක වෙනම කතාවක්.
කොහොම වුනත් මේ වැඩසටහනේ එක්තරා...
මේ අපි ගැනයි...
කාලෙක ඉඳලා මේ බ්ලොග් එක පටන් ගන්න උවමනාවක් තිබ්බත් එක එක priorities හින්දා වැඩේ යට ගැහුනා.. ඒත් පහු ගිය ටිකේ අහපු, අත්විදපු සිද්ධි කිහිපයක් එක්ක ආයෙමත් මේ අදහස මෝදු වුනා. ඒ හන්දම පොඩියට හරි මේ විදියට වැඩේ පටන් ගන්න හිතුවේ..
Y පරම්පරාව, එහෙමත් නැත්නම් 1980ත් 2000ත් අතර උපන් අපේ පරම්පරාව ඇත්තටම සුවිශේෂ යි. ලෝකේ වෙන කිසිම පරම්පරාවකට අත් විදින්න නොලැබුනු විදියට තාක්ෂණයත් එක්කම හැදුනු පිරිසක් විදියට...