Y-පරම්පරාවේ කතා

Mar 2

මේ අපි ගැනයි…

කාලෙක ඉඳලා මේ බ්ලොග් එක පටන් ගන්න උවමනාවක් තිබ්බත් එක එක priorities හින්දා වැඩේ යට ගැහුනා.. ඒත් පහු ගිය ටිකේ අහපු, අත්විදපු සිද්ධි කිහිපයක් එක්ක ආයෙමත් මේ අදහස මෝදු වුනා. ඒ හන්දම පොඩියට හරි මේ විදියට වැඩේ පටන් ගන්න හිතුවේ..

Y පරම්පරාව, එහෙමත් නැත්නම් 1980ත් 2000ත් අතර උපන් අපේ පරම්පරාව ඇත්තටම සුවිශේෂ යි. ලෝකේ වෙන කිසිම පරම්පරාවකට අත් විදින්න නොලැබුනු විදියට තාක්ෂණයත් එක්කම හැදුනු පිරිසක් විදියට අපිව හැඳින්වුවොත් ඒකේ වරදක් නෑ.. TV, CD player වලින් පටන් අරන් අන්තර්ජාලය, Facebook, iPhone දක්වා ගොඩක් දේවල් අපේ පරම්පරාව තුල බොහෝම ඉක්මනට සාමාන්‍ය්කරණය වුනා. ඒ හන්දම අපේ අයගේ අදහස්, සිතුම් පැතුම්, ආකල්ප, වුවමනා මේ හැම දේකටම මේ වේගයෙන් වෙනස් වෙන තාක්ෂණය ඇති කරපු බලපෑම සුලු පටු නෑ..මීට අමතරව ලංකාවේ අපේ පරම්පරාවට බලපාපු තවත් ප්‍රබල සාධකයක් තියෙනවා. ඒ යුද්ධය. අපි ඉපදුනේ, හැදුනේ යුද්ධය කියන අමිහිරි අත්දැකීමුත් එක්ක.

මේ ගොඩක් දේවල් එක්ක බලද්දී අපේ පරම්පරාව ලබල තියන ජීවිත අත්දැකීම් අපේ වැඩිහිටි පරම්පරාවලට වඩා වෙනස්.. සමහර විට ඒ අයට අපිව තේරුම් ගන්න අමාරු වෙන්නත් මේ වෙනස හන්දම වෙන්නත් ඇති.

කොහොම වුනත් මේ උත්සහය නම් අපේ ජිවිත ගැන අපි විසින්ම තෙරුම් ගැනිමටයි.. අපේ හපන්කම්, වීරකම්, මෝඩකම්, බුරුකම් ගැන පොඩ්ඩක් ආපහු හැරිලා බලන්නයි..ඒ අපේ හෙට දවස, අපේ ඊළඟ පරම්පරාවේ හෙට දවස වෙනුවෙන් කරන පොඩි ආයොජනයක් විදියටයි.

බලමු ඒක කොච්චර දුරට සාර්ථක කර ගන්න පුලුවන් වේවිද කියලා.