මට බෑ ඔය ඩොටේ යන්න…
ඒකාලේ ළමයින්ට නම් ගමේ යනවා කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනේ. වෙල් දිගේ දුවන්න, පීල්ලේන් නාන්න, ගහෙන් කඩන් පළතුරු කන්න, කුරුල්ලො බලන්න වගේ එකි මෙකී නොකී දාහක් දෙවල් තියනවා නේ ගමේ ගියොත් කරන්න. ඇත්තටම අම්මලට තාත්තලාට තමයි කරදරේ ගමට ගෙනියන කම්..
ඒ වුනාට අද කාලේ ගමේ යමු කිවුවොත් නම් ලැබෙනේ මේ වගේ උත්තරයක් “මට බෑ අප්පා ඔය ඩොටේ යන්න, mobile signal වත් නෑ එහෙට. හරි ගොඩේ”. “අනික අපිට ඔය ඩොටේ උන් එකක get-on වෙන්නත් බෑ. ළිං මෑඩියෝ වගේ. ඇයි ඉතින් පෙන්නේ රූපවාහිනී, ITN විතරනේ.. අඩුම ගානේ MC කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නෑ.”
දැන් ඉතින් අපේ කලින් වල නැන්දලා මාමාල අයියලා අක්කලා මතුරනවා මුන් කොහෙද ගමේ තියන සුන්දරත්වය දන්නේ, කොන්ක්‍රීට් වනාන්තරේම හැදිලා මුන්ගේ මොළ කුරුවල් වෙලා කියලා. අපේ පරම්පරාව මේ වනන්තරේටම හිර කරලා ඒ සුන්දරත්වය උදුර ගත්තේ කවුද කියලා මං අහන්නේ නෑ.
මේ ළඟදී අපේ වැඩපොලේ යාළුවෙක් මිනිහගේ ගමේම ගෙයක් හදන්න යන බව ආරංචි වුනා. ඔක්කොම උන් මිනිහව කින්ඩි කරන්න ගත්තේ “උබට පිස්සුද බං ඔය ඩොටේ ගෙවල් ගහන්න, ඒ පැතිවල ඉන්න උනුත් දැන් කීය දීලා හරි city එකෙන් ගෙවල් කුලියට අරන් එද්දි…” කට්ටියගෙන් මිනිහට තව තව උපදෙස් - “හිතපන් උඹ කොහොමද ඔහේ ඉදලා daily වැඩට එන්නේ කියලා. ඊටත් උඹට ළමයි ඉන්න කාළෙක උන්ව හොද ඉස්කොලේකටවත් දාගන්නේ කියලා. නිකම් පිස්සු වැඩ නොකර ඉදපන්. උඹ හිතනවා නම් ගමට ගිහින් නිදහසේ ඉන්න පුළුවන් කියලා? ඒක බොරුවක්. හදිස්සියකට channel කරන්න හොද specialist කෙනෙක්වත් ඉන්නවද ඔය ඩොටේ??”
මොකද හිතන්නේ අපි නාගරීකරණය වෙලාද, නැත්තම් බලෙන්ම කරවල ද?