Y-පරම්පරාවේ කතා

Mar 8

මගේ chat log එකෙන්…

මම: Hi මචන්

ඌ: Hi

මම: කොහොමද busy ද?

ඌ: පිස්සු හැදෙනවා බං. මේ දවස් වල semester exam.
6න් 2ක් ගොඩ තව 4ක් තියනවා.
First Class එක කොහමහරි දාගන්න try එක දෙන්නේ..

මම: එළ

: Top CIMA එක නම් ගිය මාසේ දාගත්තා.

මම: Congratz මචන්. නියමයි.

ඌ: දැන් IPM එකේ HR diploma එකක් පටන් ගත්තා.
Degree එකයි CIMAයි විතරක් තිබිලා මදිනේ අද හොද Job එකක් ගන්න.
ගිය සතියේ මට *** එකෙන් interview call කරලා තිබ්බා.
Degree එක complete කලාම 45ක් දෙන්නම් ලු..
මං කිව්වා basic එක 50වත් නැත්තම් වැඩක් නෑ කියලා.

මම: හ්ම්..

ඌ: ආ..ගිය මාසේ අපි Singapore tour එකක් ගියා. Shopping පාරකුත් දැම්මා.
iPhone එකකුත් ගත්තා. Sexy gadget එකනේ  බං??

මම: අහ්..එළ!

ඌ: CIMA ගොඩ දැම්මට ගෙදරින් මට Swift එකක් present කලානේ..

මම: අම්මට හුඩු මරුනේ..

ඌ: වැඩක් නෑ බං..මගේ target එක කොහොම හරි Jaguar එකක් වත් drive කරන්න :)

මම: :)

මම: මචං..

ඌ: මචෝ මේ දවස් වල මමත් full rim එකෙන් බං යන්නේ ;)

මම: නෑ බං මං මේ කියන්න ගියේ…

ඌ: දන්න Vacancies නම් මුකුත් නෑ බං. උඹ කොකටත් උඹේ CV එක මට mail කරපන්කෝ..

මම: ..

ඌ: මචං මං දැන් dinner ගන්න out යනවා.

මම: ok.

ඌ: KIT!

මම: bye!

ඌ: bye!

(මට උඹෙන් කෙහෙල්මල් loans වත්, jobs වත් ඕනා නෑ. ඒත් අඩුම ගානේ “උඹට කොහොමද” කියලා අනිත් පැත්තට අහන්න බැරි අපේ යාළු කමේ ඇති වැඩේ මොකක්ද?)


  1. ygeneration posted this