Y-පරම්පරාවේ කතා

Mar 14

MC Food Court පරීක්ෂාව

ජීවිතේ අමාරුම විභාගේ මොකක්ද කියලා ඇහුවොත් සමහරු කියයි 5 වසර ශිෂ්‍යත්වය කියලා, නැත්තම් OL හරි AL කියයි, එහෙමත් නැත්තම්  first year first semester exam එක කියයි. මේ හැම එකක්ම අවුලක් නැතුව එක පාර ගොඩ දාගන්න පුළුවන් වුනත් මට කවදාවත් ගොඩ දාගන්න බැරි වුන එක exam එකක් තියනවා. මුලින්ම ඒක මාස 6කට විතර සැරයක් පැවැත්වුවත්, පස්සේ පස්සේ එක මාසෙකට සැරයක්, සතියකට සැරය්ක් අන්තිමට දිනපතාම පවත්වන්නත් පටන් ගත්තා. ඒ කොච්චර සැරයක් ඒ විභාගෙට වාඩි වුනත් එකම එක පාරක් වත් ඒක නම් මට ගොඩ දාගන්න බැරි වුනා.

මොකක්ද මේ exam එක? මේකට කියන්නේ MC Food Court පරීක්ෂාව කියලයි. එහෙම කිවුවට තම තමන්ගේ වත් පොහොසත් කම් අනුව මේ විභාගෙට McDonalds එකේ, Excel World එකේ, Pizza Hut එකේ, Crescat එකේ වගේ එකී මෙකී නොකි ඕනෑම විභාග මධ්‍යස්ථානයකදී වාඩි වෙන්න පුලුවන්. හැබැයි මේ කොයි තැන වාඩි වුනත් මට නම් හැම දාම ලැබිච්ච ප්‍රතිපලේ නම් එකයි.

මේ එක එකසිය ගානට ඇණ ගත්ත පොරක් හැටියට, මේ විභාගෙට ඉස්සරහට මූන දෙන්න ඉන්න, මේ වෙනකොටත් pass වෙන්න full try කරන කට්ටියගේ ප්‍රයෝජනය සඳහා මං පොඩි experiences ටිකක් share කරගන්නම්. ඒ උඹලටවත් මං කරපු careless mistakes නොකර exam එක ගොඩ දාගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්.

Exam එකට notice එක කෙලින්ම හෝ ව්‍යංග්යෙන් ලැබෙන්න පුළුවන්. “අපි මේ පාර ඔයාගේ birthday එකට කොහේ හරි ගිහින් celebrate කරමු?”. එහෙමත් නැත්තම් “හැම දාම මෙහෙම උදේ යනවා, හවස එනවා මාර boring අනේ..” වගේ notices අදුරගන්න sense එක තියෙන්න ඕනා මුලින්ම. “එහෙනම් අපි හෙට දවල්ට වෙනසකටත් එක්ක MC Food Court එකෙන් lunch ගමු. හවස film එකත් බලලා එමු.”

වෙන exam වලට වගේම මේ exam එකටද අවශ්‍ය කළමනා කල් තියා සුදානම් කර ගත යුතුය. සල්ලි තියෙන purse එක හෝ credit card එක අමතක වුනොත් වන්නේ විභාග ශලාවටවත් ඇතුළු නොවී fail වීමටය. එසේම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තැබීමද නුවණට හුරුය. කවුරුන් හෝ බහිරවයෙක් ගෙන් call එකක් ඇවිත් exam mood එක මස්තබාල්දු වී යෑමට ද ඉඩ ඇත.

නියමිත වේලාවට කලින් විභාග ශාලාව ලඟට යෑම අනිවාර්යය. හදිස්සියේ වත් ටික වේලාවකට හෝ examiner ව රස්තියාදු කලහොත් F එක ෂුවර් ය.

පළමු වතාවට exam එක කරන විට ඇතිවන චකිතය හන්දාම first exam එක fail වීමට ඉඩ ඇත. විභාග මඪ්‍යස්ථානය ඔබට කෙතරම් හුරුපුරුදු තැනක් වුනත්, අත් පටලවා ගෙන සෙනඟ ගොඩට ඇතුළු වීමේදි සෑහෙන tension එකක් ඇති වනු ඇත. “මොකද කට්ටිය දැක්කම මගේ අත අත ඇරියේ?? ලැජ්ජද මාත් එක්ක යන්න?”. “හිතලා අත ඇරියේ නෑ බබෝ දාඩියට අත ලිස්සන්න ඇති.” “ඕනා නෑ මගේ අත අල්ලන්න. මගේ මූඩ් එකත් ගියා. දැන් කන්න ඕනා නෑ අපි යමු.”

Club match වල කොච්ච century ගැහුවත් international match එකක් දීපු ගමන් බිංදුවට දැවී ගිය මාවන් අතපත්තු සේ මටද වුනේ හිස් අතින් ආපහු ඒමට ය.

මේ ආරම්භය විතරයි. මීට වඩා scene වෙන්න ගන්නවා පස්සේ පස්සේ..ඔක්කොම experiences ටික එක post එකකින් දාන්න ගියොත් දිග වැඩි වෙන හන්දා අනිත් ටික තව post එකකින් පස්සේ දාන්නම්.

එහෙනම් අදට මතු සම්බන්ධයි.


  1. ygeneration posted this